Loading...
Jan
9
මාරක අනතුරකින් ජීවිතය බේරාගත් ජින්ජර් ලෙඩ ඇදේ සිට කියන කතාව (Photos)

මාරක අනතුරකින් ජීවිතය බේරාගත් ජින්ජර් ලෙඩ ඇදේ සිට කියන කතාව (Photos)

15 Views

ජින්ජර් වයිට්‌ කියන්නේ වේදිකාවට නැතිවම බැරි චරිතයක්‌. පසුගිය දවසක වේදිකාවට ගොඩවෙන්න තිබුණ හදිසිය නිසාම හදිසි අනතුරකට මුහුණදුන්නා. ලේසි නෑ. අඩි හැටක ප්‍රපාතයකින් පහළට වැටිලා නූලෙන් තමයි ජීවිතේ බේරිලා තියෙන්නේ. අඩි හැටක ප්‍රපාතයට පෙරළුණ හැටි ජින්ජර් කිව්වේ මේ විදිහට.

ඇත්තටම ජින්ජර් එදා මොකද වුණේ ?

මම නත්තලට ලංකාවේ හිටියේ නැහැ. කුවේට්‌ ප්‍රසංග කිහිපයකට ගියා. 27 වැනිදා තමයි ලංකාවට ආවේ. එදාම හැන්දෑවේ තමයි දෙනියායේ කානිවල් එකකට යන්න තිබුණේ. ෆ්ලෑෂ් බෑක්‌ නිෂා මල්ලිගේ වැඩක්‌. මට කෝල් කරලා කිව්වා අක්‌කේ කොහොම හරි එන්න කියලා. ෂෝ එක එකහමාර වෙනකම් තියෙනවා කියලා තමයි කිව්වේ. අන්තිමේ මම රෑ නවයට පිටත්වෙලා ගියේ. මම හයිවේ එකේ ගියේ. යන ගමන් පානදුරේ දී විතර කෝල් එකක්‌ ආවා 12.30 ට ප්‍රසංගය නතර කරනවා. අපි ඉතිං වේගයෙන් ගියා. අන්තිම කිලෝමීටර් පහ හොඳට ආවා. ඔය අතරේ මට බේබි ශානිකා සැරින් සැරේට කතා කරලා කිව්වා මචං පාරේ වංගු වැඩියි හිමිහිට එන්න කියලා. ඒත් 12.30 ෂෝ එක නවත්වන හින්දා අපි වේගයෙන් ගියා. මට මතක විදිහට දියදාව හරියෙන් අපි යනකොට 12.20 ට විතර ඇති. එක පාරටම මීදුම අතුරින් යනකොට මොකක්‌ හරි පනිනවා දැක්‌කා. ඒ වෙලාවේ මට තණකොළ වගයක්‌ විතරයි පෙනුනේ එක පාරටම හැමෝගෙම සද්දයක්‌ නැතිව ගියා. මම හිතුවේම වාහනේ ගිහිල්ලා පාර අයිනේ තිබුණ ගහක වැදිලා නවතී කියලා. ඒහෙම හිතලා හිත හදාගත්තා. කාර් එක ටිකක්‌ පෙරලිලා යනකොට මම දැනගත්තා ප්‍රපාතයකට තමයි යන්නේ කියලා. ටක්‌ගාලා මගේ ළඟ හිටපු පුතාව බදාගත්තා. වාහනේ පෙරළීගෙන යනවා. කොණ්‌ඩේ වැදෙනවා. වීදුරු කැඩෙනවා. හරියට ඇක්‌ෂන් මූවී එකක්‌ වගෙයි. මගේ ජීවිතේ සියල්ල එකතැනකට ආවා.

මම හිතුවා මැරෙන්න යන්නේ කියන එක විතරයි ඔළුවට ආවෙ. මම ඒ වෙලාවේ දෙවියන්ට කිව්වේ හැමෝම මැරෙන්න ඕනෑ කියලා. කන්දෙන් පල්ලෙහට යනවා කියන්නේ ආපහු අහන්න දෙයක්‌ නැහැ. පුතාව තදින් අල්ලාගෙන හිතුවේ මේක තමයි මගේ දෛවය කියලා. පොඩි එකාව බදාගෙන දෙවියන්ගෙන් ජීවිතයක්‌ ඉල්ලුවේ නැහැ. මැරෙනවා කියලා හිත හදාගෙන එහෙම යනකොට මගේ පුතාව මගේ අතින් ගිලිහුණා. හරියට කවුරු හරි ඇදලා ගත්තා වගෙයි. මම බබී බබී කියලා කෑගැහැව්වා. මට හොඳට සිහිය තියෙනවා. එක පාරටම මාව වාහනයෙන් එළියට ගියා. ගස්‌ අස්‌සෙන් මාව කඩාගෙන පහළට රූරාගෙන යනවා. ඒ වෙලාවේ මට ලොකු ආවේගයක්‌ ආවා. දරුවා අතින් ගිලිහුණ එක වෙලාවේ මගේ හිත වෙනස්‌වුණා. අපි දෙන්නා මුලින් වැටෙනකොට පස්‌සෙනේ වාහනේ එන්නේ. ඒවා ඔක්‌කොම මගේ ඔළුවේ තියෙනවා. මට ඒ වෙලාවේ පේනවා කාර් එක පෙරළීගෙන එනවා. ඒ වෙලාවේ කාර් එකේ පිටිපස්‌ස මගේ ළඟට ඇවිත් වැටුණා. ඒත් මම හිටියේ දරුවාගේ සිsහියෙන්. ඒ නිසාමද මන්දා කොහොම හරි බඩගාගෙන ඇවිත් කාර් එක ඉස්‌සුවා. ඒ වෙලාවේ දැක්‌කේ මගේ දරුවාගේ කකුල් දෙක විතරයි. එයාගේ ඇඟ ඇතුලේ. දරුවාට සිහිය නැහැ. මම ඒ වෙලාවේ එක කකුලකින් වාහනය තල්ලු කළා. ඔය අතරේ අනෙක්‌ දෙන්නාගේ සද්දය මට ඇහෙනවා. මම දන්නවා ඒ දෙන්නා ඉන්නවා කියලා. ඒ ගොල්ලොත් බබී බබී කියලා කෑගහනවා. මොන හයියක්‌ ආවාද කියන්න මම දන්නේ නැහැ. පොඩිඑකා සිහිය නැතිව හිටියේ. එයා දිහා මම බැලුවේ බොහොම අමාරුවෙන්. මම හිතුවේ එයා නැතිවෙලා කියලා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවුණා. මම දන්නේ නැහැ දෙයියොම තමයි එතැනට ආවේ.

එතැන හරිම පාළුයි. මොකද වෙලාවත් 12.25ට විතර ඇති. හිතාගන්න බැරි විදිහට මිනිස්‌සු පහළොවක්‌ විස්‌සක්‌ විතර ඇවිත් වාහනය උස්‌සගෙන හිටියා. හරියට පාලමක්‌ වගෙයි. හරි අමාරුයි එතැනින් උඩට එන්න. ලිස්‌සනවා. මීදුම. හරි අමාරුයි ඒ වගේ ආගාධයකට බහින්න. අනික කළුවරයි. මිනිස්‌සු කාර් එක උස්‌සනකොට මට ඇහෙනවා බබා අඬනවා. එතැන හිටපු මිනිස්‌සු කෑගැහැව්වා බබාට මොකුත් වෙලා නැහැ කියලා. මිනිස්‌සු මට ආදරෙයි කියලා ඇත්තටම දැනගත්තේ ඒ වෙලාවේ. දරුවාට මොකක්‌වත් වෙලා නැහැ කියලා මිනිස්‌සු කියනකොට තමයි මගේ ඇඟට ලේ ටිකක්‌ ඉනුවේ. කොහොම හරි කට්‌ටිය මාව උස්‌සන්න ගත්තහම තමයි තේරුණේ කකුල කැඩිලා කියලා.

එතකොට තමයි කැක්‌කුම දැනෙන්න ගත්තේ. මොකද මම හිටියේ බබාගේ සිහියෙන්. ඊට පස්‌සේ තමයි මම කිව්වේ අයියේ අයියේ මට බැහැ මගේ කකුලට මොකක්‌ හරි වෙලා කියලා. වකුටු වෙලා. මට කකුල දිග අරින්න බැහැ. බොහොම අමාරුවෙන් මිනිස්‌සු මාව උස්‌සගෙන තමයි උඩට අරගෙන ආවේ.

අන්තිමේ අපිව මාතර මහ රෝහලට අරගෙන ගියා. කවුරුත් හිතුවේ නැහැ අපි බේරිලා කියලා. හැමෝම හිතුවේ අපි මැරිලා කියලා. මිනිස්‌සු ආවේ බොඩි හොයන්න. කාර් එක දැක්‌කහම මිනිස්‌සු හිතුවේ හැමෝම මැරිලා ඇති කියලා. මට ඉස්‌පිරිතාලේදී ලොකු වේදනාවක්‌ දැනුණා. දෙයියන්ගේ පිහිටෙන් අනෙක්‌ දෙන්නාට හීරීමක්‌ වෙලා තිබුණේ. අඩි හැටක ප්‍රපාතයෙන් උඩට ආපුවහම මිනිස්‌සු කියන එක දෙයයි මට ඇහුණේ. හැමෝම කිව්වේ පෙර පිනකට මේ ගොල්ලන්ව දෙවියෝ බේරුවා කියන කතාව. මම ඉස්‌පිරිතාලේදී පවා කෑගැසුවා ඩොක්‌ටර් මට වැඩිපුර වේදනා නාශක දෙන්න කියලා. ඩොක්‌ටර් කිව්වා එහෙම වේදනා නාශක දෙන්න බැහැ. දැනටත් ඔයාට උපරිම දීලයි තියෙන්නේ කියලා.

වැටුණු වෙලාවේදීම වගේ ශානිකා වනිගසේකර කතා කළා. මම කිව්වා අපිත් එක ගිය පුතෙකුට ඔය ෆොaන් එක ආන්ස්‌වර් කරන්න කියලා. පුතා ඒක ආන්ස්‌වර් කරලා කිව්වා අනේ ඉක්‌මනට එන්න අපි හැප්පිලා ඉන්නේ කියලා. එයා ඉස්‌පිරිතාලෙට ඇවිත් මාව බදාගෙන මොකක්‌ද මේ කරගත්තේ කියලා ඇහැව්වා. බේබි ශානිකා දන්නේ නැහැ මොනවගේ අනතුරක්‌ද වුණේ කියලා. මම කිව්වා අපි දෙයියන්ගේ පිහිටෙන් ඉන්නවානේ. පස්‌සේ එයා කාර් එක දැක්‌කහම තමයි බයවෙලා තිබුණේ.

දැනට මම මාතර රෝහලින් ටිකට්‌ කපාගෙන ඇවිත් කොළඹ මල්ලිගේ ගෙදර ඉන්නේ. මාස එකහමාරක්‌ විතර විවේකයෙන් එකතැන ඉන්න කියලා දොස්‌තරට උපදෙස්‌ දුන්නා. මගේ කකුලට සැත්කම් දෙකක්‌ කළා. දොස්‌තරලා කිව්වෙත් මෙච්චර ප්‍රපාතයකින් පහළට වැටිලත් ඔයගොල්ලන්ට සිහිය නැතිවුණේ නැහැනේ. එහෙම වුණා නම් කවුරුවත් දන්නේ නැහැනේ. අදටත් මගෙන් කට්‌ටිය අහන්නේ මෙච්චර ප්‍රපාතයකට වැටිත් සිහින නැතිවුණේ නැත්තේ ඇයි කියලා.

ආපහු මම ඇවිදින්න පුරුදුවෙන්නත් එපායෑ. තවම මට නින්ද යන්නේ නැහැ. පොඩි එක්‌කෙනාව තමයි පෙනෙන්නේ. ඒ වෙලාවේ ඇතිවුණ කම්පනය හින්දා දැනටත් මගේ ගෙදරට වෛද්‍යවරයෙක්‌ ඇවිත් මානසික ප්‍රතිකාර සිදුකරනවා. මට අමතක වුණා ඒ වෙලාවේ ෆ්ලෑෂ් බෑක්‌ සංගීත කණ්‌ඩායම ඇවිත් බලලා ගියා. කාර් එක පෙරළුණ තැන දැකලා ඔවුන් අපි ජීවත්වෙලා ඉන්නවා කියලා පුදුම වුණා.

වෛද්‍යවරු කියන්නේ හදිසි වෙන්න එපා කියලා. ඔයා දුවන පනින චරිතයක්‌. ආපහු දුවන්න පනින්න ඕනෑ නම් ටිකක්‌ මෙහෙම ඉන්න කියලා. පෙබරවාරි මාසයෙන් පස්‌සේ තමයි මම ආපහු වැඩපටන්ගන්නේ. මේ වෙච්චදෙයින් එක දෙයක්‌ දැනගත්තා. ගොඩක්‌දෙනෙක්‌ කියන්නේ කරදරයක්‌ වුණහම කට්‌ටිය නැහැ කියලා. මට වුණේ ඒකේ අනෙක්‌ පැත්ත. පර්පල් රේන්ඡ් බෑන්ඩ් එක එදා උදේ මාතර රෝහලට ආවා. දුරකථනයට නිතර ගායක ගායිකාවෝ කතා කරලා මගේ සුවදුක්‌ විමසනවා. කොහොම හරි පෙබරවාරි මාසේ අන්තිමට ආපහු ඔයාලව බලන්න ප්‍රසංග වේදිකාවට එනවා. මට මෙහෙම ඉඳගෙන වේදිකාවට ගොඩවෙලා මිනිස්‌සුන්ගේ අනුකම්පාව ගන්න ඕනෑ නැහැ. මට ඕනෑ වේදිකාවේ දඟලලා සින්දු කියන්න. දැන් දැනගත්තා මාව ගලේ ගහලත් මරන්න බැහැ කියලා.

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page