Loading...
Jan
9
බැංකුවේ ලක්ෂ ගණනක වංචාවක් වික්ටර්ගේ තරුණ බිරිඳ පොලීසියට භාර වේ , භාර නොවුනානම් වික්ටර් රත්නායකටත් වැඩ වරදිනවාලු සම්පූර්ණ විස්තරය මෙන්න .!

බැංකුවේ ලක්ෂ ගණනක වංචාවක් වික්ටර්ගේ තරුණ බිරිඳ පොලීසියට භාර වේ , භාර නොවුනානම් වික්ටර් රත්නායකටත් වැඩ වරදිනවාලු සම්පූර්ණ විස්තරය මෙන්න .!

30 Views

ජ්‍යේෂ්ඨ ගායන ශිල්පි වික්ටර් රත්නායකගේ බිරිඳ වන හසිනි රත්‍නායක රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සැකපිට තංගල්ල පොලිසියට බාර වී තිබෙනවා. මෙම වංචාව සම්බන්ධයෙන් හසිනි රත්නායක නැමැති සැකකාරිනිය කලක තිස්සේ අවශ්‍යව සිටි බවත් සදහන්.

31 වියැති හසිනි රත්නායක තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී 2012.11.14 දින සිට 2016.04.22 දක්වා වූ කාලයේ බැංකුව තුළ සිදුවූ රුපියල් 9,89,000ක් වටිනා රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරු විසින් තංගල්ල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කර ඇත ඒ අනුව අද(9) හසිනි රත්නායක නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයට භාර වී ඇත.

කෙසේ වෙතත් මෙම චෝදනා වලට අවශ්‍යව සිටි හසිනි රත්නායක මෙලෙසින් පොලීසියට බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ සැමියා වන වික්ටර් රත්නායකද අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබෙන බව සදහන්.

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page