Loading...
Jan
9
අදින් පටන් ගත් මේ සතිය ඔබේ ලග්නයට අනුව ඔබට සුබද? අසුබද? දැන්ම දැනගන්න මෙතැනින් – සතියේ ලග්න පලාපල

අදින් පටන් ගත් මේ සතිය ඔබේ ලග්නයට අනුව ඔබට සුබද? අසුබද? දැන්ම දැනගන්න මෙතැනින් – සතියේ ලග්න පලාපල

22 Views

මේෂ –

ලග්නාධිපති කුජ සම`ග ගුරු හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෘහ ජීවිතය එතරම් යහපත් නොවේ. සතිය මුලදී සතුරු කරදරයක්‌ නිසා කලකිරීමක්‌ ඇතිවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරයි. බිරිඳට හෝ සැමියාට යහපත් වේ. ආගම දහමට සිsත යොමු වේ. විදේශ ගමන් සාර්ථක වේ. පදිංචිය පිළිබඳව අවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් සති අන්තය වන විට සිත් රිදීමක්‌ ඇති වීමට කරුණු යෙදෙන බව පෙනේ. පවුලේ වැඩිහිටියකුට අපලදායකයි. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට – රෝස – සුබ අංකය – 3

වෘෂභ

ලග්නාධිපති සිකුරු සම`ග රවි, බුධ, ශනි සම`ග අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතත් ඒවා ම`ගහරවා ගැනීමට හැකි වේ. ඉඩම්, ගෙවල් පිළිබ`දව නීතිමය කටයුතුවලට මැදිහත් වීම සුබ නොවේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුර දිග බලා කටයුතු කරන්න. තරුණ තරුණියන්ගේ පෙම් සබ`දතාවලට තරමක බාධා පවතී. අවිවාහක අයගේ මංගල යෝජනා කල්දැමීමට සිදුවේ. මේ අතර සති අන්තය වන විට විවාහ සහකරුට අඵලයක්‌ ද පෙන්වයි. වියදම් පාලනය කරගන්න. තම රැකියා හා ව්‍යාපාර වලදී ප්‍රධානීන් සම`ග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. ශනි අපලය පවතින නිසා උත්සාහවන්තව කටයුතු කරන්න.

සුබ පාට – මිශ්‍ර ලා – සුබ අංකය – 6

මිථුන –

ලග්නාධිපති බුධ සම`ග රවි, ශනිs, සිකුරු සම`ග හත්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක ලෙස නිමකරගත හැකි වේ. මවුපියන්ට සුබයි. ගෘහාශ්‍රි්‍රත ව්‍යාපාර කරන අයට සුබඵල ලැබේ. ගොවිතැන් සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. ව්‍යාපාර ස`දහා මුදල් යෙදවීමේ දී ලාභ ලැබීමට හැකියාව ලැබේ. හවුල් ව්‍යාපාර ඇරඹීම ස`දහා සුදුසුය. සති අග වන විට සෙම් රෝග වැනි සෞඛ්‍ය ගැටලු පෙන්වයි. වියදම් පාලනය කරගන්න. කේතු දශා ගත කරන අය ශරීර පෝෂණය ගැන සැලකිලිමත් වන්න.

සුබ පාට – ලා කොළ – සුබ අංකය – 4

කටක –

ලග්නාධිපති ස`දු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය ආරම්භය ගෘහ ජීවිතය පිළිබඳ සැනසිලිදායක තත්ත්වයක්‌ පෙන්වයි. පවුලේ අය සම`ග සතුටින් කාලය ගතවේ. මවුපියන්ට සුබයි. ලිපි ලේඛන හා ශාස්‌ත්‍රීය කටයුතුවල යෙදෙන අයට පහසුකම් සැලසේ. ඔබට ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ස්‌වයං රැකියාවලින් මෙන්ම ගොවිතැන් කටයුතුවලින් ලාභ ලැබේ. සතුරු කරදර ජයගත හැකි වේ. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලබාගත හැකිය. රැකියා හා ව්‍යාපාරවලට උසස්‌ අයගේ ආධාර උපකාර ලැබේ. එහෙත් සති මැද වන විට අධ්‍යාපන කටයුතුවලට බාධා වන අයුරින් අඵල හා උදාසීන ගති මඟහරවා ගෙන කටයුතු කරන්නේ නම් මෙම සතිය ජයගැනීමට ඔබට අපහසු නොවේ.

සුබ පාට – සුදු සුබ අංකය – 2

සිංහ –

ලග්නාධිපති රවි සම`ග සිකුරු, බුධ, ශනි පස්‌වැන්නේ ගමන් කරමින් ආරම්භ කරන මෙම සතිය බොහෝ දුරට සුබඵල දායක බව පෙනේ. දරුවන්ගේ දියුණුව දැක සතුටුවීමට හැකිවේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පෙම් සබඳතා හා විවාහ මංගල යෝජනා ස්‌ථිර වීමට කරුණු යෙදේ. ප්‍රතිඵලදායක ගමන් බිමන් යෙදේ. උත්සාහය ධෛර්යය වැඩිවේ. ලිපිලේඛන හෝ ශාස්‌ත්‍රීය කටයුතු කරන අයට විශේෂ සුබඵල ලැබේ. මේ අතර සති අග වන විට පවුලේ වැඩිහිටියකුට අපලයක්‌ පෙන්වයි. පදිංචි ස්‌ථානයට හෝ ඉඩකඩම්වලට සතුරු කරදර ඇතිවීමට ඉඩ තිබේ. ඉඩම්වල දියුණුවට කරන කටයුතුවලට බාධා පෙන්වයි.

සුබ පාට – දිළෙන සුදු සුබ අංකය – 1

කන්‍යා –

ලග්නාධිපති බුධ සම`ග රවි, ශනි දිග්බල සිකුරු හතරවැන්නේ ගමන් කරමින් උදාවන සතිය ඔබේ බලාපොරොත්තු බොහෝ දුරට ඉටුවන බව පෙන්වයි. පවුලේ දියුණුව වෙනුවෙන් කරන කටයුතු සාර්ථක ලෙස නිමකර ගත හැකි වේ. පවුලේ අය සමඟ සතුටින් කාලය ගතවේ. ආදායම් සතුටුදායක වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. හවුල් ව්‍යාපාර ආරම්භයට ද සුබඵලදායකයි. නිවසේ උත්සවයක්‌ පැවැත්වීමට කරුණු යෙදේ. ගෘහාශ්‍රිත ව්‍යාපාරවලින් ජය ලැබේ. වාහන ගනුදෙනුවලට ද සුබයි. පදිංචිය පිළිබඳව නීතිමය ගැටලුවක්‌ හෝ සිත්තැවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. විදේශ ගමන් සාර්ථක වේ. සති අග වන විට අසල්වාසීන් සමඟ කටයුතු කිරීමේදී ඉවසිලිවන්ත විය යුතුය. සහෝදරයන්ට තරමක්‌ යහපත් නොවේ.

සුබ පාට – ලා කොළ – සුබ අංකය – 4

තුලා –

ලග්නාධිපති සිකුරු සම`ග රවි, බුධ, ශනි තුන්වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබඵලදායකයි. කාරුණිකභාවය නිසාම අන් අය අතර පිළිගැනීමක්‌ ඇති වේ. තනතුරු හෝ තත්ත්වයේ උසස්‌වීමකට හෝ රැකියා අපේක්‌ෂා කරන අයට රැකියා ලාභ ලැබීමට ඉඩ තිබේ. අසල්වාසීන් සම`ග පවතින සුහ`දතාව වර්ධනය වේ. උත්සාහයෙන් කටයුතු කිරීමට හැකි වේ. සතුටුදායක ගමන් බිමන් නිතර යෙදේ. ඉක්‌මන් කෝපය නිසා පවුලේ සාමයට ද බාධා විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. සතිය මැද වන විට රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව සිත්තැවුලක්‌ ඇතිවීමට ඉඩ තිබේ. තැන්පත් ධනය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන්න.

සුබ පාට – මිශ්‍ර ලා – සුබ අංකය – 6

වෘශ්චික –

ලග්නාධිපති කුජ සම`ග ගුරු දොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍ර ඵලදායකයි. විදේශ රැකියා බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකි වේ. උසස්‌ අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා පවතී. දරුවන් ගැන සැලකිලිමත් වන්න. වියදම් පාලනය කර ගන්න. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට දුරදිග බලා කටයුතු කරන්න. කෙසේ නමුත් භාග්‍ය වාසනාව නොව උත්සාහය හා ධෛර්යය පිළිබදව විශ්වාසය තබා කටයුතු කිරීමෙන් සාර්ථකත්වය ලබාගත හැකිවේ. සති අග වන විට සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. ලග්න ඒරාෂ්ඨකයක්‌ පවතින බැවින් සේවක ගැටලු සහ සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ.

සුබ පාට – සුදු – සුබ අංකය – 2

ධනු –

ලග්නාධිපති ගුරු සම`ග කුජ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌ වැන්නේ ගමන් කරමින් උදාවන සතිය සුබදායක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සුබයි. ගෘහ ජීවිතයේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ. රැකියා හා ව්‍යාපාර අංශවල සාර්ථකත්වයට කරුණු යෙදේ. ජලාශ්‍රිත ව්‍යාපාර කරන අයට සුබඵල ලැබේ. අලුත් මිතුරු මිතුරියන් හ`දුනාගැනීමට අවස්‌ථාව උදාවේ. සමාජ සේවා කටයුතුවල නිරත වීමට සිදුවේ. ආදායම් යහපත් වේ. සති අග වන විට කනගාටුදායක ආරංවියක්‌ අසන්නට ලැබේ. රාහු දශා හා සෙනසුරු දශා ගතකරන අයට තරමක අඵල පවතී. ආගමානුකූලව කටයුතු කරන්න.

සුබ පාට – කහ – සුබ අංකය – 5

මකර –

ලග්නාධිපති ශනි සමඟ රවි, බුධ, සිකුරු දොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන සතිය මිශ්‍රඵලදායක වේ. තමන්ට වඩා උසස්‌ අය සමඟ කටයුතු කරන විට ප්‍රවේශම් වන්න. නීතියේ පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීතිවිරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරන විට ප්‍රවේශම් වන්න. දුර වන්දනා ගමන් යැමට හිත යොමු වේ. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යැමට ද සිදුවනු හැකිය. පින්කමකට සහභාගි වීමට හැකිවේ. විදේශ ගමන් පිළිබ`ද කටයුතුවලට බාධා පවතී. වාසනාව, භාග්‍ය ගැන නොව උත්සාහය ධෛර්යය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. සති අග වන විට හිතවත් මිතුරෙකු අමනාප වීමට ඉඩ තිබේ.

සුබ පාට – නිල් – සුබ අංකය – 7

කුම්භ –

ලග්නාධිපති ශනි සමඟ රවි, බුධ, සිකුරු සියලුම ලැබීම් පෙන්වන එකොළොස්‌වැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ්‍රඵලදායක බව පෙනේ. උසස්‌ උගත් මිතුරන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. එමෙන්ම උසස්‌ අයගේ උදව් උපකාර ලැබේ. රැකියා ලාභ හිමිවේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. වාහන ගනුදෙනුවලට සුබයි. ආගම දහමට සිත යොමු වේ. වතුරෙන් අඵල ඇති කරන නිසා ජල ක්‍රීඩා සහ සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න. සති අන්ත වන විට රැකියාව ආශ්‍රිත සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ ඇත.

සුබ පාට – නිල් – සුබ අංකය – 7

මීන –

ලග්නාධිපති ගුරු සම`ග කුජ අටවැන්නේ ගමන් කරමින් උදාවන මෙම සතියේ අධ්‍යාපන කටයුතුවලට බාධා වන අයුරින් සෞඛ්‍ය ගැටලු ඇතිකරන බව පෙනේ. පෙම්වතුන්ට අඵල දායකයි. ව්‍යාපාර සඳහා මුදල් යෙදවීමේදී දුර දිග බලා කටයුතු කරන්න. බිරිඳ හෝ සැමියාට සුබයි. දරුවකු වෙනුවෙන් අමතර වෙහෙසක්‌ දරන්නට සිදුවේ. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන්අය අතර ප්‍රධානත්වයක්‌ ඇතිව කටයුතු කිරීමට හැකි වේ. තනතුරුවල උසස්‌ වීම්වලට ඉඩ තිබේ. ගෘහ ජීවිතය සතුටින් ගතවේ. තනි තීරණ ගැනීමෙන් වළකින්න. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්‌ටරෝල් වැනි රෝග වලින් ප්‍රවේශම් වන්න.

සුබ පාට – කහ, තැඹිලි – සුබ අංකය – 2

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page