Loading...
Dec
30
රුසියාවේ තහනමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව නැගි සිටියි – ශ්‍රී ලංකාවට ලබා දුන් බදු සහන ඇමෙරිකාව කපා දමයි – හේතුව කුමක්ද ?

රුසියාවේ තහනමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව නැගි සිටියි – ශ්‍රී ලංකාවට ලබා දුන් බදු සහන ඇමෙරිකාව කපා දමයි – හේතුව කුමක්ද ?

16 Views

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ ශ්‍රී ලංකාවේ තේ අපනයනය ලොව ආර්ථික බලවතෙක් වන රුසියාව තහනම් කලේ මින් පෙරය. ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගත් රුසියාවේ බලවත්ම පරිඝණක හැකරෙක් සහ රුසියාවේ ඇස්බැස්ටෝස් ශ්‍රී ලංකාව විසින් තහනම් කිරීම මෙම තීරනයට හේතූවූ බව කියවිනි. කෙසේ වෙතත් මෙම තහනම පැනවූ වහාම ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටෝස් තහනම ඉවත් කළ අතර , අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රුසියානූ හැකරා අතුරුදහන් වූ බව කියවිනි. මෙම රුසියානු පරිඝණක හැකර්වරයා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඉල්ලා සිටි අතර , ඇමෙරිකානු ජනාධිපතිවරනයේ තීරණය වෙනස් කිරීමට රුසියාව විසින් යොදා ගත්තා යැයි හැකරුන් කණ්ඩායමේද සිටි අයෙකු බවට සැක කෙරෙන බව සදහන්, කෙසේ වෙතත් ඇස්බැස්ටෝස් තහනම ඉවත් වී , ඉහත කී හැකර්වරයාද අතුරුදහන් වූ පසු රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ තහනම ඉවත් කරන ලදි

තත්වය මෙලෙසට වත්දි රුසියාවෙන් පසු ලෝක බලවතා වන ඇමෙරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිද වැටිය හැකි තීරණයක් ලබා ගෙන තිබෙනවා. ඒ අනුව 2018 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන ඇමෙරිකානු වෙළෙඳපොළට අපගේ භාණ්‌ඩ වරණීය නොවන තීරු බදුවලට යටත්ව අපනයන කිරීමට සිදු වේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමෙරිකාව විසින් ලබාදෙන ජීඑස්‌පී බදු සහනය (විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය) හෙට (31 දා) සිට අවසන් කෙරෙන බව මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.මේ වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර ඇමරිකානු කොංග්‍රසය මෙම වැඩසටහන බලාත්මක නොකළ බවද සදහන්.

මේ සමඟම 2018 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන ඇමරිකානු වෙළෙඳපොළට අපගේ භාණ්‌ඩ වරණීය නොවන තීරු බදුවලට යටත්ව අපනයන කිරීමට සිදු වේ. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ලෙස මෙතෙක්‌ ඇමරිකාව කටයුතු කළ බවත් පසුගිය වසරේ (2016) දී ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක භාණ්‌ඩ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කර තිබෙන බවත් ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

මේ තීරු බදු සහනය අහිමි වීමත් සමඟ එම බදු සහන යටතේ ඇමරිකාවට අපනයනය කළ භාණ්‌ඩවලට ඉතා ඉහළ තරගකාරීත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බවද එය එම භාණ්‌ඩ නිපදවන කර්මාන්ත අංශවලට අහිතකර ලෙස බලපෑම් ඇති වනු ඇතැයිද සදහන්.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පාමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය දැක්‌වීම ශ්‍රී ලංකාවට මෙලෙස ජී. එස්‌. පී. සහනය අත්හිටුවීමට ආසන්න හේතුව ලෙස සැලකිය හැකි යෑයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page